අනියම් සබඳතාවක් හේතුවෙන් වැලිපැන්නේ ඝාතනයක්

අනියම් සබඳතාවක් හේතුවෙන් වැලිපැන්නේ ඝාතනයක්

by Chathuranga Rajapaksha 17-03-2018 | 7:05 PM
COLOMBO (Newsfirst) - මතුගම, වැලිපැන්න, සිසිලැල්තැන්න ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 9.00ට පමණ එම ඝාතනය සිදුව ඇති බව ය. මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවකි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව ඇයගේ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අනියම් සබඳතාවක් මත මෙම ඝාතනය සිදුව ඇති බව ය. වැලිපැන්න පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.