home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22යි
by Staff writer
17-03-2018 | 1:26 PM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22ක් සපිරේ.
පකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තරග වැදුණේ ඔස්ට්‍රේලියාව සමග යි. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241කි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මාර්ක් ටේලර් පන්දු 83කදී ලකුණු 74ක් රැස් කළේ ය. ඊට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් ය. රිකී පොන්ටින් ලකුණු 45ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී අරවින්ද ද සිල්වා කඩුලු 3ක් දවා ගත්තේ ය. සනත් ජයසූරිය, කුමාර ධර්මසේන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. ලකුණු 242ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී තරගයේ ජයග්‍රාහී සීමාව පසු කළේ කඩුලු 7ක විශිෂ්ට ජයක් අත්කර ගනිමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කළේ ය. ඊට හතරේ පහර 13ක් ඇතුළත් ය. නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47ක් රැස් කළේ ය. එම තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය අරවින්ද ද සිල්වා යි. සනත් ජයසූරිය තරගාවලියේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර විය. සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරාත්තු මල්ඵල ගන්වමින් එදා ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය තුළ යළිත් පසක් කරමිනි. එදා පටන් මේ දක්වා ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ රැසක් මෙරටට හිමි කර දෙමින් ලක් මාතාවගේ කීර්ති නාමය බැබළවීමට කටයුතු කරමිනි සිටියි. 1996 ක්‍රිකට් ලෝක කිරුළ මෙරටට දිනා දුන් සිංහ පැටවුන්ට අපගේ උත්තමාචාරය....!
වෙනත් ලිපි
රුමේෂ් තරංග අද ආසියානු තරග බිමට...
ආසියානු පිටිය ජය ගන්න, රුමේෂ් ජපානයට..
ශ්‍රී ලංකාවට එරෙහිව, එංගලන්තයට පූර්ණ තරගාවලි ජයක්
එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්...
රුමේෂ්ගේ හෙල්ල කට්ටලයට හානි වූයේ කෙසේද?
ආසියානු කුසලාන T20 කාන්තා ක්රිකට්ශූරතාව ඉන්දියාවට
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය