ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්?

ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්?

ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්?

කර්තෘ Chathuranga Rajapaksha

17 Mar, 2018 | 2:52 am

COLOMBO (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය.

ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණි.

ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු විය.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි.

තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදුවිය.

ආවේගශීලී වූ ජයග්‍රාහී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම විවේකාගාරයේ වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස ජයග්‍රහණය සැමරු අයුරු. මේ ඔබ දකින්නේ වීදුරු බිඳ දමා ඇති අයුරුයි. ශ්‍රී ලංකාව පරදවමින් බංග්ලාදේශ කණ්ඩායම නිිදහස් කුසලාන 20/20 තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.Bangladesh Cricket team destroy R. Premadasa stadium property after tensions that followed their T20I match win against hosting Sri Lankan team.#Cricket #SpiritOfCricket #Bangladesh #SriLanka

Posted by Newsfirst.lk on Friday, March 16, 2018

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]