home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි
by Chathuranga Rajapaksha
17-03-2018 | 8:24 PM
COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන්ගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන්, ක්‍රීඩකයින් වෙත මෙම කුසලතා ලකුණු අඩු කිරීම සිදු කරනු ලැබේ. අදාළ දඩුවම මාස 24 ක කාලයක් දක්වා බලපැවැත්වෙන අතර කුසලතා ලකුණු 3 ක් අඩු වුවහොත් ක්‍රීඩකයා සතු සමස්ත ලකුණු ප්‍රමාණයෙන් එක් ලකුණක් අඩු වනු ඇති. එම තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් ද සිදුවිය. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු වූ අතර මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි. තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. නිදහස් කුසලානයේ අවසන් මහා තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර හෙට කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1878793718847544/
වෙනත් ලිපි
ආසියානු පිටිය ජය ගන්න, රුමේෂ් ජපානයට..
ශ්‍රී ලංකාවට එරෙහිව, එංගලන්තයට පූර්ණ තරගාවලි ජයක්
එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්...
රුමේෂ්ගේ හෙල්ල කට්ටලයට හානි වූයේ කෙසේද?
ආසියානු කුසලාන T20 කාන්තා ක්රිකට්ශූරතාව ඉන්දියාවට
රුමේෂ් තරංගට තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක්...
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය