සාකච්ඡා අසාර්ථකයි

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථකයි

by Staff writer 16-03-2018 | 4:32 PM
COLOMBO (Newsfirst) - විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ, ඒ අනුව වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ය. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද දහවල් එම සාකච්ඡාව පැවැත්විණි.