ගාලු පාර කොල්ලුපිටියෙන් වැසෙයි

රජයේ මිනින්දෝරු සංගමයේ විරෝධතාවක් නිසා ගාලු පාර කොල්ලුපිටියෙන් වැසෙයි

by Chathuranga Rajapaksha 16-03-2018 | 1:57 PM
COLOMBO (Newsfirst) - ගාලු පාරේ කොළඹින් පිටවීමේ මංතීරුව කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමා තිබේ. ඒ, මිනින්දෝරුවන්ගේ සංගමය ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙනි. පොලීසිය සඳහන් කළේ, කොල්ලුපිටිය මංසන්ධියෙන් කොළඹට ඇතුළුවීමේ මංතීරුව පමණක් මේ වනවිට විවෘතව ඇති බව ය. මේ හේතුවෙන් කොළඹින් පිටවන වාහන, ගෝල්ෆේස් වටරවුමෙන්, අක්බාර් මාවත හරහා කොම්පඤ්ඤවීදිය ඔස්සේ ගමන් කළ යුතු බව පොලීසිය පවසයි. මෙරට ඉඩම් මැනීමේ කටයුතු අමෙරිකානු සමාගමකට ලබා දීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් රජයේ මිනින්දෝරු සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත විය. පසුව ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර ඒ හේතුවෙන් ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගැනිණි. මේ හේතුවෙන් දැඩි රථවාහන තද බදයක් ද ඇතිවිය. ඔවුන් මේ වනවිට පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යලය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි. https://www.facebook.com/NewsfirstSL/videos/1877402152320034/