by Chathuranga Rajapaksha 16-03-2018 | 2:38 PM
COLOMBO (Newsfirst) - නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය අත්අඩංගුවට පත්ව තිබේ.
ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ත්‍රීකුණාමලයෙන් ධීවර කටයුතු සඳහා ගිය පිරිසක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති බව ය.
ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
ඉන්දීය අත්අඩංගුවට පත් ධීවරයින් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා පැවසුවේ, මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ ශ්‍රී ලංකිකයින් 4 දෙනෙකු ද ඉන්දීය අත්අඩංගුවට පත් ව ඇති බව ය.
මේ අතර කාලගුණ නිවේදන නොතකා මුලතිව් නයාරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පසුගිය 12 වනදා පිටත්ව ගිය ධීවරයින් පිළිබඳ මෙතෙක් කිසිඳු තොරතුරක් ලැබී නැතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා කිහිපයක් යොදවා ධීවරයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ය.
එලෙස අතුරුදන් වූයේ හලාවත ප්‍රදේශයේ ධීවරයින් තුන්දෙනෙකි.