මහනුවර සිද්ධියේ වන්දි දීම අමාත්‍යාංශ 4ක් යටතට

මහනුවර සිද්ධියේ වන්දි දීම අමාත්‍යාංශ 4ක් යටතට

by Chathuranga Rajapaksha 16-03-2018 | 2:29 PM
COLOMBO (Newsfirst) - මහනුවර පැවැති වාතාවරණය තුළ සිදුවු අලාභ හානි වෙනුවෙන් වන්දි ලබාදීම අමාත්‍යාංශ 4ක් යටතට පවරා තිබේ. ඒ, බුද්ධ ශාසන අමාත්‍යංශය, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය , පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ යන අමාත්‍යාංශවලටයි. මාස 4ක් ඇතුළත මෙම කටයුතු නිම කිරීමට බලාපොරොත්තුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර ඊට ප්‍රතිපාදන අනුයුක්ත කෙරු‍ණේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.