by Staff writer 16-03-2018 | 7:58 PM
COLOMBO (Newsfirst) - මතභේදයට ලක්ව ඇති මුතුරාජවෙල ප්‍රදේශයේ ඉඩම් ගොඩ කිරීම තාවකාලිකව නවතා පරීක්ෂණයක් ඇරඹීමට ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයා තීරණය කර තිබේ.
මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරි දින කිහිපයේ ජනාධිපතිවරයාට භාරදෙනු ඇති.
මුතුරාජවෙල ප්‍රදේශයේ අක්කර 406ක ප්‍රදේශයක් ගොඩ කිරීම අරඹා ඇති අයුරු පසුගිය දිනක නිව්ස්ෆස්ට් අනාවරණය කළේ ය.
පරිසර සංවිධාන චෝදනා කළේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පෞද්ගලික සමාගමකට නීති විරෝධී අයුරින් මෙම ඉඩම ගොඩ කිරීමට අනුමැතියක් දී ඇති බව ය.
අදාළ සමාගමට මෙම ඉඩම ලබා ගැනීමට අවසර ලබා දී තිබුණේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරිය යි.
එහෙත් එම දෙපාර්තමේන්තුවේ පමුණුගම ප්‍රාදේශීය කළමනාකාරිණිය ඊට විරෝධය පළ කර තිබේ.
අද ඇය පමුණුගම පොලීසියට පැමිණ පැමිණිලි කර සිටියේ, මෙම කාර්යයට මැදිහත් නොවන ලෙස දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරිය තමන්ට තර්ජනය කළ බව ය.
මෙම ඉඩම ගොඩ කරන්නේ කවුද?
ඒ සඳහා අවසර දුන්නේ කවුද?