වගා ළිඳකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මරුට

මඩු ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මරුට

by Chathuranga Rajapaksha 16-03-2018 | 8:22 AM
COLOMBO (Newsfirst) - මඩු, ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය. මියගොස් ඇත්තේ අවුරුදු 5 සහ අවුරුදු 7 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකි.