බොරැල්ල සිරිසර උයන නිවාස සංකිර්ණයේ ගින්නක්

බොරැල්ල සිරිසර උයන නිවාස සංකිර්ණයේ ගින්නක්

by Chathuranga Rajapaksha 16-03-2018 | 6:25 AM
COLOMBO (Newsfirst) - බොරැල්ල, සහස්පුර, සිරිසර උයන නිවාස සංකිර්ණයේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්නෙන් එම නිවාස සංකිර්ණයේ 5 වන මහලේ නිවසක් මුළුමනින්ම විනාශ වී ඇති බව ය. ඊයේ පස්වරු 7.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ රථ 5ක් යොදවා තිබුණි. කෙසේ වෙතත්ත් ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.