බිබිල, මලබටුහෙළට නාය යාමේ අවදානම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණය හේතුවෙන් බිබිල, මලබටුහෙළ ප්‍රදේශයට නාය යාමේ අවදානම් නිකුත් කෙරේ

by Staff writer 16-03-2018 | 10:13 PM
COLOMBO (Newsfirst) - පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිබිල මලබටුහෙළ ප්‍රදේශයට නාය යාමේ අවදානම් නිකුත් කර තිබේ. මේ වන විට එම ප්‍රදේශයේ පවුල් 51ක පුද්ගලයින් 189 දෙනෙකු සිය නිවාසවලින් ඉවත් කර ඇති අතර ඔවුන්ව බිබිල උණගොල්ල රජමහා විහාරස්ථානයේ රඳවා තිබේ. මේ අතර වවුනියාව, මන්නාරම, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමිටර් 75ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි ය.