බැසිල් ඇතුළු විත්තිකරුවන් 4ට එරෙහි නඩුව කල් යයි

බැසිල් ඇතුළු විත්තිකරුවන් 4ට එරෙහි නඩුව කල් යයි

by Staff writer 16-03-2018 | 5:02 PM
COLOMBO (Newsfirst) - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන මැයි 03 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේ ය. ඔවුන්ට එරෙහිව එම නඩුව පවරා ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක් වැය කර සෙවිලි තහඩු බෙදා දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ය. නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙනත් නඩුවකට පෙනී සිටින බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේ ය. නඩුවේ සාක්ෂි විභාගය අද පළමු දිනයට පැවැත්වීමට නියමිතව තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබූ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ටි.බී. ජයසුන්දර මහතා ඇතුළු සාක්ෂිකරුවන්ට එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේ ය.