පුංචි ඡන්දයෙන් දිනපු සභිකයින්ගේ නම් ගැසට් කෙරේ

පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛනය ගැසට් කෙරේ

by Chathuranga Rajapaksha 16-03-2018 | 9:49 AM
COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභික නාම ලේඛන ඇතුලත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, 2018 මාර්තු 9 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි. රජයේ මුද්‍රණාලයාධිපති ගංඟා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 11 ක පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභික නාමලේඛන මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බව ය. අනෙක් දිස්ත්‍රික්වලට අදාළ පළාත් පාලන ආයතන සභික නාම ලේඛන අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද ඇය සඳහන් කළා ය. ඒ, දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන් පැමිණ අදාළ ලේඛන නිවැරදි බව තහවුරු කිරිමෙන් අනතුරුවයි.