ගින්නක් නිසා ගාල්ලේ පවුල් 24,000 කට ජල කප්පාදුවක්

ගින්නක් නිසා ගාල්ලේ පවුල් 24,000 කට ජල සැපයුම අත්හිටුවයි

by Chathuranga Rajapaksha 16-03-2018 | 1:05 PM
COLOMBO (Newsfirst) - වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ඇති වූ ගින්නක් හේතුවෙන් ගාල්ල නගරයේ පවුල් 24,000 කට අධික සංඛ්‍යාවකට ජල සැපයුම අත්හිටුවා තිබේ. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන විදුලි පරිපථයේ ගින්නක් හටගෙන ඇති බව ය. මේ හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල, මහ මෝදර මහ රෝහල මෙන්ම නගරයේ පිහිටි සියලු රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වලට බලපෑම් එල්ල වී තිබේ. කරාපිටිය රෝහලට වෙනත් ජල පවිත්‍රාගාරයකින් ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ගාල්ල ප්‍රාදේශිය ඉංජිනේරු එම්. කේ. ලෙස්ති මහතා සඳහන් කළේය. මහ මෝදර රෝහලට ජලය සැපයෙන්නේ බවුසර් මගිනි. මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටී. https://www.youtube.com/watch?v=iSeJGsLppgI