උත්සව සමය හේතුවෙන් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක්

උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක්

by Chathuranga Rajapaksha 16-03-2018 | 2:18 PM
COLOMBO (Newsfirst) - උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඊට අදාළව සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විමර්ශන නිලධාරීන් අනුයුක්තර කර ඇතැයි ද එම අධිකාරිය සඳහන් කළේ ය. මේ යටතේ තොග අලෙවි සල් සහ ගබඩා පරීක්ෂා කෙරෙනු ඇති. අප්‍රේල් පළමු වන දා සිට 12 වන දා දක්වා සිල්ලර වෙළෙඳ සල් වැටලීම් ද ක්‍රියාත්මක ය. ජංගම වෙළඳ සල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.