by Chathuranga Rajapaksha 16-03-2018 | 9:36 AM
2016 ජනපතිවරණයට මැදිහත්වීම සහ සයිබර් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් අමෙරිකාව රුසියානුවන් 19 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා තිබේ.
අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ උපදේශක රොබර්ට් මුලර් විසින් පසුගිය මාසයේදී චෝදනා එල්ල කළ පුද්ගලයින් 13 දෙනො ද සම්බාධක පැනවූවන් අතරට ඇතුලත් ය.
මෙලෙස සම්බාධක පැනවූ පුද්ගලයින් අතර රුසියානු හමුදා බුද්ධි අංශ ආයතනයේ නිලධාරීන් සහ රුසියාවේ සෙන්පීටස්බර්ග් හි අන්තර්ජාල සමීක්ෂණ ආයතනයක ප්‍රධානී යෙව්ජිනී ප්‍රිගෝජින් ඇතුළු 12 දෙනෙකු වේ.
යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සහ විනාශකාරී ලෙස සයිබර් ප්‍රහාර එල්ල කිරීම රුසියානුවන් කළ බරපතල ආක්‍රමණයක් බවට අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ම්නුචින් චෝදනා කළේය.
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා වැඩි දුරට ත් සඳහන් කළේ, මෙම සම්බාධක මගින් රුසියාව ඉදිරියේදී එල්ල කරන ප්‍රහාර ද ඉලක්ක කෙරෙන බව ය.