රජයේ මිනින්දෝරු සංගමයේ විරෝධතාවක් නිසා ගාලු පාර කොල්ලුපිටියෙන් වැසෙයි

රජයේ මිනින්දෝරු සංගමයේ විරෝධතාවක් නිසා ගාලු පාර කොල්ලුපිටියෙන් වැසෙයි

රජයේ මිනින්දෝරු සංගමයේ විරෝධතාවක් නිසා ගාලු පාර කොල්ලුපිටියෙන් වැසෙයි

කර්තෘ Chathuranga Rajapaksha

16 Mar, 2018 | 1:57 pm

COLOMBO (Newsfirst) – ගාලු පාරේ කොළඹින් පිටවීමේ මංතීරුව කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමා තිබේ.

ඒ, මිනින්දෝරුවන්ගේ සංගමය ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙනි.

පොලීසිය සඳහන් කළේ, කොල්ලුපිටිය මංසන්ධියෙන් කොළඹට ඇතුළුවීමේ මංතීරුව පමණක් මේ වනවිට විවෘතව ඇති බව ය.

මේ හේතුවෙන් කොළඹින් පිටවන වාහන, ගෝල්ෆේස් වටරවුමෙන්, අක්බාර් මාවත හරහා කොම්පඤ්ඤවීදිය ඔස්සේ ගමන් කළ යුතු බව පොලීසිය පවසයි.

මෙරට ඉඩම් මැනීමේ කටයුතු අමෙරිකානු සමාගමකට ලබා දීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් රජයේ මිනින්දෝරු සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

පසුව ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර ඒ හේතුවෙන් ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගැනිණි.

මේ හේතුවෙන් දැඩි රථවාහන තද බදයක් ද ඇතිවිය.

ඔවුන් මේ වනවිට පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යලය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.

රජයේ මිනින්දෝරු සංගමය විරෝධතා පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලයට

රජයේ මිනින්දෝරු සංගමය විරෝධතා පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලයට#lka #Protest

Posted by Newsfirst.lk on Friday, March 16, 2018

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]