by Chathuranga Rajapaksha 16-03-2018 | 9:02 AM
නේපාලය පළමු වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තේය.
ඒ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙය වූ ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.
එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටය බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වේ.
එහි 7වැනි සහ 8 වැනි ස්ථාන තීරණය කිරීමට පැවැත්වෙන තරගය සඳහා නේපාලය සුදුසුකම් ලැබුවේ පැපුවා නිව් ගිනි කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනි කණ්ඩායම රැස් කළ ලකුණු 114ට පිළිතුරු ලෙස කඩුලු 4ක් පමණක් දැවී නේපාලය එම ඉලක්කය පසු කළේය.
නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තහනම් කර ඇති අතර එම කණ්ඩායම මේ වන ඇතුලත්ව ඇත්තේ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි කොටසටයි.
ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරග වටයේ එක් තරගයක් හෝ ජය ගැනීමට අසමත් වූ පැපුවා නිව් ගිනි කණ්ඩායමට එක්දින වරම් අහිමි වන බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ.
එහි වැඩි දුරට ත් සඳහන් වනේනේ පැපුවා නිව්ගිනි කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය ජය ගත් නේපාලයට පළමු වරට එක්දින වරම් හිමිවන බව ය.
ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරග වටයේ 7 වැනි සහ 8 වැනි ස්ථාන තීරණය කිරීම සඳහා නෙදර්ලන්තය සහ නේපාලය අතර තරගය හෙට පැවැත්වේ.