Facebook සඳහා පනවා තිබු තහනම ඉවතට

Facebook සඳහා පනවා තිබු තහනම ඉවතට

by Hashini De Mel 15-03-2018 | 12:53 PM

COLOMBO (News 1st) - Facebook සමාජ ජාලය සඳහා පනවා තිබු තාවකාලික තහනම ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ, අද පෙරවරුවේ දිවයිනට පැමිණි Facebook සමාගමේ සාමාජිකයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ය. එහිදී Facebook මගින් වෛරී සහගත සහ ප්‍රකෝපකාරී මත ප්‍රකාශ කිරීමේ ඉඩ කඩ ඉවත් කරන බවට Facebook සමාගමේ නියෝජිතයින් එකඟ වී තිබේ.