Facebook තහනම ඉවත් කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවක්

Facebook තහනම ඉවත් කිරීම ගැන ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අද තීරණාත්මක සාකච්ඡාවක්

by Hashini De Mel 15-03-2018 | 7:02 AM

COLOMBO (News 1st) - Facebook සමාගමේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනු ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එමගින් Facebook වෙබ් අඩවියට තාවකාලිකව පනවා ඇති වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. එම නියෝජිත පිරිස සමග අද දිනයේ සාකච්ඡා තුනක් පැවැත්වීමට නියමිත බව ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර WhatsApp සඳහා තාවකාලිකව පැන වූ සීමාවන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. Viber සඳහා තිබූ සීමාවන් ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණි.