විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය තවදුරටත්

වර්ජනයේ නිරත අනධ්‍යයන සේවකයින් සරසවිවල අත්‍යවශ්‍ය රාජකාරිවලින් ද ඉවතට

by Hashini De Mel 15-03-2018 | 7:49 AM

COLOMBO (News 1st) - රජයේ මිනින්දෝරු සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේ ද ක්‍රියාත්මක වනු ඇත.

ඔවුන් මෙම වැඩ වර්ජනය ඊයේ ආරම්භ කළේ, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අමෙරිකානු සමාගමක් වෙත මිනින්දෝරු දෙපාර්තමේන්තුව නතු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමිනි. මේ අතර විශ්වවිද්‍යාලවලට දැනට සිදුකරන ස්වේච්ඡා රාජකාරිවලින් අද සිට ඉවත් වන බව වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසා තිබේ. ඒ අනුව පශූ වෛද්‍ය පීඨවල ඇති කරන සතුන්ට ආහාර ලබාදීම වැනි රාජකාරිවලින්ද ඔවුන් ඉවත් වනු ඇති. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 16ක් වනු ඇත. මේ හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි. https://www.youtube.com/watch?v=7V3EcRuG3bI