රුසියාවට බ්‍රිතාන්‍යයෙන් රතු එළියක්

රුසියාවට බ්‍රිතාන්‍යයෙන් රතු එළියක්

by Hashini De Mel 15-03-2018 | 9:02 AM

COLOMBO (News 1st) - රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනෙකු පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍යය සුදානම් වෙමින් සිටි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කළේ, ඔවුන්ට රටින් පිටවීමට සතියක කාලයක් ලබාදී ඇති බවයි. හිටපු රුසියානු ඔත්තුකරුවකු සහ ඔහුගේ දියණියට රුසියාවේ නිෂ්පාදිත විෂ රසායනකයක් ශරීරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම, රුසියාව ප්‍රතික්ෂේප කළ පසු බ්‍රිතාන්‍යය මෙම තීරණය ගෙන තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, මේ හේතුවෙන් මේ වසර අවසානයේ රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක ශූරතාවයට ද බ්‍රිතාන්‍ය රජ පවුල සහභාගී නොවන බවයි. යුද්ධයේදී පවා භාවිතය තහනම් කළ දරුණු අවියක්, සාමකාමී නගරයකදී භාවිත කිරීමට රුසියාව පෙළඹී ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් බ්‍රිතාන්‍ය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දී තිබුණි. කෙසේ වෙතත් අදාළ රුසියානු ඔත්තුකරුවා ඝාතනය කිරීමට තැත්කළ බවට එල්ලවන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කළේ ය.