නිදහස් කුසලානයේ තීරණාත්මක තරගය හෙට

නිදහස් කුසලානයේ තීරණාත්මක තරගය හෙට

by Sagarika Chathumali 15-03-2018 | 9:39 PM
COLOMBO (News 1st)  : නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සමග හෙට පැවැත් වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සුදානමකින් පසුවන බව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුයි. නිදහස් කුසලන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තීරණාත්මක තරගය හෙට රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පුහුණුවීම් සඳහා එක් විය. මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංග සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙලෙස අදහස් පළ කළේ ය. ඔහු හොඳ ක්‍රීඩකයෙක් එකම දේ තියෙන්නේ එයාව මේ සංචිතයට තෝර ගත්තේ නෑ ඉතින් ඊට එහාට මට දෙයක් කරන්න අමාරුයි මේ අතර ආබාධයකට ලක්ව සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් හෙට පැවැත්වෙන තරගය සඳහා සහභාගී වීමට අද ශ්‍රී ලංකාවට පැමිණි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1876518682408381/