දියවැඩියා රෝගීන්ගේ උපකරණවල මිල නියාමනය කෙරේ

දියවැඩියා රෝගීන්ගේ උපකරණවල මිල නියාමනය කෙරේ

by Hashini De Mel 15-03-2018 | 1:13 PM

COLOMBO (News 1st) - දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට මෙම උපකරණ සහ ඒ සඳහා භාවිත කරන උපාංග විවිධ මිල ගණන් යටතේ වෙළෙඳපොළේ අළෙවි කරන බව ය. දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන ග්ලුකෝ මීටර් සහ ඒ සඳහා භාවිත කරන ග්ලුකෝ මාපක තීරු වෙළෙඳපොළේ ඉහළ මිලකට අළෙවි කෙරෙණු ඇත. අමාත්‍යාංශය සඳහන් කළේ, පෞද්ගලික රෝහල්වල ද මේ සඳහා විවිධ මිල ගණන් අය කරන බවයි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර එම උපකරණ සඳහා කඩිනමින් මිල නියාමනයක් කෙරෙනු ඇති.