දකුණේ වී මිල දී ගැනීම ඇරඹෙයි

දකුණේ වී මිල දී ගැනීම ඇරඹෙයි

by Sagarika Chathumali 15-03-2018 | 5:00 PM
COLOMBO (News 1st) දකුණු පළාත තුළ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වන බව වී අලෙවි මණ්ඩලය පවසයි. රජයේ පුවත් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙවර මහ කන්නය සඳහා රජය රුපියල් මිලියන 500ක් වී අලෙවි මණ්ඩලය වෙනුවෙන් වෙන් කර ඇති බවයි. ඊයේ දිනය වන විට නැගෙනහිර පළාත තුළ වී මෙට්‍රික් ටොන් 200ක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන තිබේ. මේ අතර, මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ පවතින ගබඩා 200 ක් මේ වන විට සූදානමින් පවතින බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බණ්ඩාර දිසානායක මහතා පවසයි. ඒ අනුව රජයේ සහතික මිල වන නාඩු රුපියල් 38 ක මිලකට සහ සම්බා රුපියල් 41 ක මිලකට වී අලෙවි මණ්ඩලය මගින් මිල දී ගනු ඇති.