දකුණු පළාතේ වී මිලදී ගැනීම අද සිට ඇරඹේ

දකුණු පළාතේ වී මිලදී ගැනීම අද සිට ඇරඹේ

by Hashini De Mel 15-03-2018 | 11:25 AM

COLOMBO (News 1st) - දකුණු පළාතේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව වී අළෙවි මණ්ඩලය පවසා තිබේ.

වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 500කි. ඊයේ දිනය වන විට නැගෙනහිර පළාත තුළ වී මෙට්‍රික් ටොන් 200ක් වී අළෙවි මණ්ඩලය මගින් මිලට ගෙන ඇත. මේ අතර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අළෙවි මණ්ඩලය යටතේ පවතින ගබඩා 200 ක් මේ වන විට සූදානමින් පවතින බව වී අළෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පවසා තිබේ. නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 ක මිලකටත් සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 කටත් මිලදී ගැනීමටත් වී අළෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.