චේතනා ලියනගේ 'නොකියූ ප්‍රවෘත්ති' එළිදකී

මාධ්‍යවේදිනී චේතනා ලියනගේ 'නොකියූ ප්‍රවෘත්ති' එළිදකී

by Sagarika Chathumali 15-03-2018 | 7:50 PM

COLOMBO (News 1st)  : ප්‍රවීණ ජනමාධ්‍යවේදීනි චේතනා ලියනගේ මහත්මිය විසින් රචිත නොකියූ ප්‍රවෘත්ති කෘතිය අද එළිදැක්විය.

ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදීයි. නොකියූ ප්‍රවෘත්ති කෘතිය දොරට වැඩීමේ උත්සවය අද පැවැත්වුණේ, මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. සිරස News 1st ඔස්සේ ඔබට සමීප වූ චේතනා ලියනගේ මහත්මිය ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී ගත් කතුවර ගුණදාස ලියනගේ මහතාගේ කනිටු දියණිය වනර අතර අද උත්සවය ආරම්බ කෙරුණේ එතුමන් පිළිබඳ මතකය අවදි කරමිනි. නොකියූ ප්‍රෘවෘත්ති කෘතිය එළිදැක් වූයේ ගුණදාස ලියනගේ මහතාගේ 20 වන ගුණ සමරුවට සමගාමීවයි. මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදීහු, දේශපාලනඥයෝ, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1876578245735758/