Facebook සමාගමේ විශේෂඥ කණ්ඩායමක් අද දිවයිනට

Facebook සමාගමේ විශේෂඥ කණ්ඩායමක් අද දිවයිනට

by Staff writer 14-03-2018 | 12:39 PM
Colombo (Newsfirst) - ෆේස්බුක් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් අද දිවයිනට පැමිණේ. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ෆේස්බුක් සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීම පිළිබඳව එම කණ්ඩායම සමග සාකච්ඡා කරන බව ය. ජනවාර්ගික අර්බුද ඇති කිරීමේ පුවත් සහ රටේ ජාතික ආරක්ෂාවට හානි වන දේවල් ෆේස්බුක් තුළින් ඒ මොහොතේදී ම ඉවත් කිරීමේ අයිතිය ලබා ගැනීම මේ තුළින් සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.