Facebook නියෝජිතයින් සහ ජනපති ලේකම් අතර සාකච්ඡාවක්

Facebook නියෝජිතයින් සහ ජනපති ලේකම් අතර සාකච්ඡාවක් හෙට

by Sagarika Chathumali 14-03-2018 | 5:22 PM
COLOMBO (Newsfirst) : Facebook සමාගමේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත් වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එමගින් Facebook වෙබ් අඩවියට තාවකාලිකව පනවා ඇති වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. මේ අතර රට තුළ නොසන්සුන්තාවක් යළි ඇතිවීමට ඉඩ නොතබමින් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ත් එවැනි ක්‍රියාවලට වරදකරුවන් වන අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මේ අතර WhatsApp සඳහා තාවකාලිකව පැන වූ සීමාවන් අද මධ්‍යම රාත්‍රියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. Viber සඳහා තිබූ සීමාවන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ. විදුලි සංදේශ නියාමන කොමිසම පසුගිය 7 වන දා සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, මහනුවර ඇති වු කළහකාරී තත්ත්වයත් සමග සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීමේ අරමුණිනි. https://www.youtube.com/watch?v=cJO4-Y9vSHY