සිරස වෙසක් කලාපය ගැන මහ නාහිමිවරු දැනුවත් කෙරෙති

සිරස - ජෝන් කීල්ස් වෙසක් කලාපය පිළිබඳව මහ නාහිමිවරු දැනුවත් කෙරෙති

by Sagarika Chathumali 14-03-2018 | 8:36 PM
COLOMBO (News 1st) : සිරස - ජෝන් කීල්ස් වෙසක් කලාපය පිළිබඳව අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් දැනුවත් කර ආශිර්වාද ලබා ගැනීම අද සිදුවිය. සිරස - ජෝන් කීල්ස් වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ, 8 වන වරටයි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ, ජෝන් කීල්ස් සමාගමේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජිතයින් අද මහ නාහිමිවරුන් බැහැ දැක මෙවර වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කළහ. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු පිරිස අනතුරුව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නැහිමියන් බැහැදුටුවෝ ය. එහිදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ මෙවර වෙසක් කලාපය සාර්ථකව සිදු කිරීම සඳහා ආශිර්වාද කළහ. පසුව පිරිස සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි අනුනාහිමිවරුන් ද බැහැ දුටුවෝ ය. අප්‍රේල් 29, 30 සහ මැයි 1 යන දිනයන්හිදී කොළඹ, බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සීමාසහිත කැපිටල් මහාරාජා මූලස්ථාන පරිශ්‍රෙය්දී මෙවරත් සිරස වෙසක් කලාපය පැවැත්වේ. https://www.youtube.com/watch?v=9DTOlWsUBA0