විගණන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සැලසුම්

විගණන පනත් කෙටුම්පත ඉදිරි දින 2ක තුළ ගැසට් කිරීමට සැලසුම්

by Staff writer 14-03-2018 | 7:17 AM
Colombo (Newsfirst) - පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වූ විගණන පනත් කෙටුම්පත ඉදිරි දින 2ක ඇතුළත ගැසට් කිරීමට සැලසුම් කර තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, එම පනත් කෙටුම්පත මේ වන විට ආග්‍රාමාත්‍ය කාර්යාලයේ පවතින බව ය. 24 වතාවක් සංශෝධනය කළ විගණන පනත් කෙටුම්පතට පසුගිය 09 වන දා කැබිනට් අනුමැතිය හිමි විය. කැබිනට් අනුමැතිය ලැබුණු පනත් කෙටුම්පතින් යම් රාජ්‍ය නිලධාරියෙකු රජයට කළ අලාභයකට එරෙහිව අධිභාර පැනවීමේ බලය අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරනු ලැබී ය.