භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 14-03-2018 | 9:48 AM
(Newsfirst) - බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වී තිබේ. 76 වන වියේ පසුවූ හෝකින්, අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙයි. මහත් ප්‍රසිද්ධියට පත් කළු කුහර සහ සාපේක්ෂතාවාදය ඇතුළු විද්‍යා තාක්ෂණ ග්‍රන්ථ රැසක් හෝකීන් විසින් රචනා කරන ලදී. 1942 ජනවාරි මස 08 වන දින උපත ලැබූ හෝකීන්ට, 1959දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳව හැදෑරීමට අවස්ථාවක් ලැබුණි. ඔහුට එම අවස්ථාව හිමි වුණේ, කේම්බ්‍රිජ් සරසවියෙන් සිය පශ්චාත් උපාධිය හැදෑරීමට පෙර ය. ස්ටීවන් හෝකීන් දුර්ලභ ස්නායු රෝගයකින් ද පෙළුණි.