ධූරයෙන් පහ කෙරූ ටිලර්සන්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීම

ධූරයෙන් පහ කෙරූ ටිලර්සන්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීම්

by Staff writer 14-03-2018 | 8:58 AM
(Newsfirst) - හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රුසියාවට අනතුරු අඟවා තිබේ. රෙක්ස් ටිලර්සන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, රුසියාවේ කරදකාරී හැසිරීම සහ ක්‍රියාකලාපය පිළිබඳව තමන් රුසියාවට අනතුරු ඇඟවීමක් සිදු කරන බව ය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ රෙක්ස් ටිලර්සන් ධූරයෙන් ඉවත් කළ බවත්, සී.අයි.ඒ. අධ්‍යක්ෂ මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම් ධූරයට පත් කර ඇති බවත් ට්විටර් පණිවුඩයකින් නිවේදනය කළේ ය. එම නිවේදනයේ හිටපු ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ සේවයට ස්තුති කර ඇති බව ද සඳහන් ය. මේ අතර සී.අයි.ඒ. අධ්‍යක්ෂ ධූරයට ජීනා හොස්පල් පත් කර ඇති අතර අමෙරිකානු ඉතිහාසයේ එම ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇති. ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ, තමා සහ ටිලර්සන අතර පැවති නොගැලපීම් පෞද්ගලික මට්ටමට පැමිණි බව ය. ඔවුන් හොඳින් කටයුතු කළ ද බොහෝ අවස්ථාවලදී එකිනෙකාට එකඟ නොවූ බව ද ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය. ඉරානය සම්බන්ධයෙන් ද ජනපති ට්‍රම්ප් සහ ටිලර්සන් අතර නොගැලපෙන අදහස් පැවති බව ද සඳහන් ය.