ජර්මන් කන්තා පාපන්දු පුහුණුකාරිය තනතුරින් නෙරපයි

ජර්මන් කන්තා පාපන්දු පුහුණුකාරිය තනතුරින් නෙරපයි

by Sagarika Chathumali 14-03-2018 | 7:28 PM

ජර්මනිය එරට ජතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය වන ස්ටෙෆි ජෝන්ස්ගේ සේවය අත්හිටුවා තිබේ.

ජර්මන් පාපන්දු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක හෝස්ට් හ්රූබෙෂ් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි. ඇය මෙලෙස තනතුරින් පහ කර ඇත්තේ, SheBelieves Cup තරගාවලියේ එකදු තරගයක් හෝ ජය ගැනීමට කාණ්ඩයම අසමත් වීමේ පසුබිමක් තුළදී ය. එමෙන් ම වසර 8ක් යුරෝපීය කාන්තා ශූරතාව දිනූ ජර්මන් කාණ්ඩායමට පසුගිය වසරේදී අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් ලැබීමට නොහැකි විය. මේ අතර ජර්මානු පාපන්දු සංගමයේ ප්‍රධානි රයින්හාර්ඩ් ග්‍රයින්ඩල් පැවසුවේ, කණ්ඩායම නව දිශාවකට යොමු කළ යුතුව ඇති බවයි.