ජනපති හා ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා අද

ජනපති හා ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා අද

by Staff writer 14-03-2018 | 6:54 AM
Colombo (Newsfirst) - ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ, ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය. මේ අතර සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිත කිරීම පිළිබඳව නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජපාන රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතමිනි.