අල්ලස් දැලේ පැටළුණු සීදුව අපරාධ අංශයේ OIC රිමාන්ඩ්

අල්ලස් දැලේ පැටළුණු සීදුව අපරාධ ස්ථානාධිපති රිමාන්ඩ්

by Sagarika Chathumali 14-03-2018 | 4:48 PM

COLOMBO (Newsfirst)  : සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පැමිණිලිකරුවෙකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් හා විදේශීය මත්පැන් බෝතලයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා ඊයේ සැකපිට අත්අඩංගුවට ගැනිණ. ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඊයේ පස්වරුවේ සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසිනි. සීදුව පොලිසියේ අපරාධ අංශයට ලද පැමිණිල්ලක් විභාග කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන පැමිණිල්ලට වාසි සහගත ලෙස නීතිමය කටයුතු කිරීම සඳහා ඔහු එලෙස අල්ලස් ලබා ගෙන තිබිණ.