අදින් පසු වැසි තත්ත්වයේ යම් අඩු වීමක්

අදින් පසු වැසි තත්ත්වයේ යම් අඩු වීමක් අපේක්ෂා කළ හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 14-03-2018 | 9:10 AM
Colombo (Newsfirst) - ශ්‍රී ලංකාවට ආසන්නයේ පැවති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට නිරිත දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බව ය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයෙන් පසුව යම් ප්‍රමාණයකට අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය. සෙසු ප්‍රදේශවල සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් වයඹ සහ ඌව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ මිලිමිටර 75-100 අතර තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි ය.