by Chathuranga Rajapaksha 13-03-2018 | 7:52 PM
COLOMBO (Newsfirst) - වයිබර් (Viber) සමාජ ජාලය වෙත තාවකාලිකව සීමාකර තිබූ ප්‍රවේශය අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ විදේශගත ශ්‍රමිකයින්ගේ අපහසුතා සානුකම්පිතව සළකා බලා මෙම පියවර ගත් බව ය.
මීට අමතරව සංචාරකයින්ට හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට මුහුණදීමට සිදුවූ අපහසුතා ද එහිදී සැළකිල්ලට ගෙන තිබේ.
මේ අතර සියලු සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම සිකුරාදා වන විට ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමා සහ සෙසු පාර්ශව සමග පැවති සාකච්ඡාවලින් පසුව එම තීරණය ගත් බව ය.