සමාජ මාධ්‍ය භාවිත කිරීම ගැන නව වැඩපිළිවෙළක්

සමාජ මාධ්‍ය භාවිත කිරීම ගැන නව වැඩපිළිවෙළක් හඳුන්වාදෙනවා - ජනපති

by Hashini De Mel 13-03-2018 | 10:35 PM

COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා ඇත්තේ, ෆේස්බුක් සමාජ ජාල තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවයි.