ශ්‍රීදේවි සහ ජාන්වී කපූර් සංසන්දනය කිරීම අසාධාරණයි

"ශ්‍රීදේවි සහ ජාන්වී කපූර් සංසන්දනය කිරීම අසාධාරණයි" - සෝයා අක්තර්

by Hashini De Mel 13-03-2018 | 3:53 PM

COLOMBO (News 1st) - පසුගිය දා අභාවප්‍රාප්ත ප්‍රවීණ බොලිවුඩ් නිළි ශ්‍රීදේවි සහ ඇයගේ වැඩිමහල් දියණිය වන ජාන්වී කපූර්ගේ රංගන කුසලතා සංසන්දනය කිරීම අසාධාරණ බව ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සෝයා අක්තර් පවසා තිබේ.

සෝයා අක්තර් මේ බව සඳහන් කළේ, ජාන්වී කපූර්, ධදක් චිත්‍රපටය ඔස්සේ බොලිවුඩ් සිනමාවට අවතීරණයවීමට සුදානමින් සිටින පසුබිමකදී ය. රංගන ශිල්පියෙකුගේ රංගන ප්‍රතිභාව තව ත් අයෙකුගෙන් වෙනස් වන බැවින් ඔවුන් සැසඳීමෙන් තොරව ඔවුන්ගේ හැකියාව අගය කළ යුතු බව ද සෝයා අක්තර් වැඩිදුරටත් පවසා ඇත.