ව්‍යාපාරිකයින් රැසක් අාදායම් බදු ගෙවීම මග හරි

ව්‍යාපාරිකයින් රැසක් අාදායම් බදු ගෙවීම මග හරිමින් සිටින බව දේශීය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව කියයි

by Hashini De Mel 13-03-2018 | 4:44 PM

COLOMBO (News 1st) - ව්‍යාපාරිකයින් රැසක් බදු ගෙවීම මග හරිමින් සිටින බව දේශීය අාදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා සඳහන් කළේ, අාදායම් බදු ගෙවීම පැහැර හරින ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීම සඳහා ඉදිරි මාස 3ක කාලය තුළ නව බදු ගොනු ලක්ෂ 3ක් පමන විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ය. දැනට අාදායම් බදු ගෙවන අය ලක්ෂ 15ක් පමණ සිටින බව ද ඔහු සඳහන් කළේ ය. කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ, පසුගිය මසයේදී රුපියල් බිලියන 53ක අාදායමක් උපයාගත් බවයි.