ලාංකික ගෘහ සේවිකාවක සෞදියේදී වෙඩි තබා ඝාතනය කෙරේ

ලාංකික ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කර සැකකරු ත් දිවි නසා ගනී

by Sagarika Chathumali 13-03-2018 | 7:39 AM

COLOMBO (News 1st) : සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙඩි තබා ඝාතනය කර තිබේ.

සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ,  ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බවයි. පසුගිය සෙනසුරාදා සිදු ව ඇති මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, ප්‍රියංකා ජයශංකර් නමැති 42 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි. සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ,  ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බවයි. ඉදිරි නීතිමය කටයුතු සඳහා ඇයගේ මෘත දේහය අල්-රාස්හි රෝහලක තැන්පත් කර ඇතැයි, එම වර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. සෞදි පොලීසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වර්තා කරන්නේ, ඇය සේවය කළ නිවස තුළදී ම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. 30 හැවිරිදි ඝාතන සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. විදේශ රැකියා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.