.webp)
අද ටෝකියෝ නුවර පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ හමු විය. මෙම හමුවේදී ජනාධිපතිතුමා පැවසුවේ, දෙරටේ අතීතයේ සිට පැවති සබඳතා ශක්තිමත් කිරීම තම අරමුණ බවයි. 1981 වසරේ ජපාන අධිරාජ්‍යයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවත් එහිදී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු බව එහිදී සිහිපත් කෙරිණි. මෙම හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා අධිරාජ්‍ය මන්දිරය ද නැරඹිය. අනතුරුව ටෝකියෝ නුවරදී ජනාධිපතිතුමා ආයෝජන සමුළුවකට ද සහභාගි විණි.වෙනත් රටවල කලාපීය ආරක්ෂාව හෝ ජාත්‍යන්තර වශයෙන් තර්ජනාත්මක නොවන ආකාරයෙන් කටයුතු කිරීම වගේ ම කිසිදු බලපෑමකින් තොරව කටයුතු සිදුකිරීම යන අංශවලට අවධානය යොමු කරමින් තමයි අපි චීනය සමග ගිවිසුමකට එළඹුනේ. අපේ වරායන් ඔවුන්ගේ යුදමය ආරක්ෂක කටයුතුවලට ලබා දෙන්න එතනදී එකඟ වුනේ නැහැ. අපි කවදාවත් එවැනි දේවල්වලට එකඟ වෙන්නේත් නැහැ. මහජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම අප සතුව තියෙනවා. ජාතික හෝ ජාත්‍යන්තර වැඩසටහන් වෙනුවෙන් වැඩකටයුතු කරන්න අපි රජයක් විදිහට වගකීමක් තිබෙනවා. අපි වෙනත් දේශපාලන වාතාවරණයන් සහ බාහිර සාධක ගැනවත් සැළකිලිමත් වෙන්නේ නැහැ