මුලතිව් මුහුදේ ධීවරයින් 3ක් සමග බෝට්ටුවක් අතුරුදන්

මුලතිව් මුහුදේ ධීවරයින් 3ක් සමග බෝට්ටුවක් අතුරුදන්

by Sagarika Chathumali 13-03-2018 | 9:08 AM
COLOMBO (News 1st)  : මුලතිව්, නයාරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් 3 දෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදන්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි 50, 48 සහ 24 හැවිරිදි ධීවරයින් තිදෙනෙකි. අතුරුදන් වූ පුද්ගලයින් සොයා නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. මේ අතර මාතර සිට ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 60 දක්වා වැඩි විය හැකි බැවින් ධීවර කටයුතුවලදී ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා ජනතාවට දැනුම් දෙයි. මේ අතර පැවති අඩු පීඩන කාලාපය දිවයිනෙන් බැහැරව වයඹ දිශාවට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන විය හැකි බව ත් ඒ හේතුවෙන් දිවයින වටා ඇති බස්නාහිර,දකුණු සහ නිරත දිග පළාත්වල මුහුදු තීරවල විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.