'මයික් පොම්පියෝ' අමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ධූරයට

'මයික් පොම්පියෝ' අමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ධූරයට

by Hashini De Mel 13-03-2018 | 8:18 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නව රාජ්‍ය ලේකම්වරයා ලෙස මධ්‍යම බුද්ධි අංශ ප්‍රධානී මයික් පොම්පියෝ පත් කර තිබේ.

ඒ, එතෙක් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කල රෙක්ස් ටිලර්සන් ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ය. මයික් පොම්පියෝ නව රාජ්‍ය ලේකම්වරයා ලෙස විශිෂ්ට කාර්යයක් ඉටුකරනු ඇතැයි ද අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ය. රෙක්ස් ටිලර්සන්ගේ සේවයට ස්තූතිවන්ත වන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ ය.