රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවයි

මන්ත්‍රී පුත් රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

by Sagarika Chathumali 13-03-2018 | 2:08 PM
COLOMBO (Newsfirst) : පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේ ය. විනිසුරුවරයා නියෝගය කළේ, රමිත් රඹුක්වැල්ල මහතා නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධීකරණයට ඉදිරිපත් කරන ලෙසයි. බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා 4 ක් යටතේ නාරාහේන්පිට පොලීසිය රඹුක්වැල්ල මහතාට එරෙහිව නඩු පවරා තබේ. එහිදී රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත සැකකාර රඹුක්වැල්ල මහතා මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. අදාළ චෝදනාවන්ට තමා නිවැරදිකරු බව ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩිදුර නඩු විභාගය ජුනි මස 19 වන දා දක්වා කල් තැබිණ. https://youtu.be/4ZyRX-Jvb0w