පාතාලේ 'බැරල් සංඛ' STF අත්අඩංගුවට

පාතාලේ 'බැරල් සංඛ' පෑලියගොඩ STF අත්අඩංගුවට

by Sagarika Chathumali 13-03-2018 | 11:18 AM

COLOMBO (Newsfirst) : පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් පාතාල කල්ලි නායක 'බැරල් සංඛ' නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පෑලියගොඩ, මිරිස්වත්ත මාර්ගයේදී ඊයේ රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වත්තල පොලීසිය වෙත භාර දෙනු ලැබ තිබේ. මේ අතර පසුගිය දා පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී තවත් පාතල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. මොවුන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන

මධූෂ් නමැත්තාගේ අපරාධ කල්ලියේ

ප්‍රබල සමාජිකයින් දෙදෙනෙකු වන බව පොලීසිය පැවසී ය.