තේවලට සීනි කලවම් කෙරූ කර්මාන්ත ශාලාවලට වැඩ වරදියි

තේවලට සීනි කලවම් කෙරූ කර්මාන්ත ශාලාවලට වැඩ වරදින ලකුණු

by Staff writer 13-03-2018 | 9:38 AM
Colombo (Newsfirst) - තේවලට සිනි කලවම් කරන ලද කර්මාන්ත ශාලා 53කට නිදහසට කරුණු දක්වන ලෙසට ලිපි යැවූ බව තේ මණ්ඩලය පවසයි. තේ මණ්ඩලයේ සභාපති රෝහාන් පෙතියාගොඩ මහතා සඳහන් කළේ, වංචනික ලෙස තේවලට සීනි කලවම් කර එම කර්මාන්ත ශාලා හසුවී ඇති බව ය. පසුගිය 23 වන දා තම නිලධාරීන් හදිසියේ කරන ලද පරීක්ෂා කිරීම්වලදී ලබා ගත් සාම්පල් පරීක්ෂා කිරීමේදී තේවලට සීනි කලවම් කර ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම කර්මාන්ත ශාලාවලට නිදහසට කරුණු දැක්වීම සඳහා සතියක කාලයක් ලබා දී තිබෙන බව සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, නිදහසට කරුණු දැක්වීමට අපහසු වන කර්මාන්ත ශාලාවල වැඩ තහනම් කරන බව ය. තේවලට සීනි කලවම් කිරීමෙන් විවිධ රෝග සෑදෙන බව සභාපතිවරයා පැවසුවේ ය.