අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක්ට වැඩ වරදී

අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක්ට වැඩ වරදී

by Hashini De Mel 13-03-2018 | 5:33 PM

COLOMBO (News 1st) - සීදුව පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, පැමිණිල්ලකට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට සහ පැමිණිලිකරුට පක්ෂපාතිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු අල්ලස් මුදල් ලබා ගෙන ඇති බව ය. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ ය.